මෙහි දැක්වෙන්නේ A9 පාරේ ඕමන්තේ සිට අලිමංකඩ දක්වා තැනින් තැන අළුතින් ඉදි වී ඇති ක්‍රිස්තියානි / කතෝලික පල්ලි 25 ක පින්තූරයි. මෙම පින්තූර සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙත ලබා දුන් අතථ්‍ය මිතුරාට අනුව මේ සියල්ලම ඉදි කර ඇත්තේ කිසිම අවසරයකින් තොරවයි.
කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගත් රට තවත් විනාසයකට යොමු වෙන්නද මේ යන්නේ? මට මතකයි ප්‍රභාකරන් තම ම්ලේච්ඡත්වය පෙන්වන කාලයේත්, උතුරේ සැබෑ ජන නායකයන් වූ ආනන්ද සංගරී ආදීන් කියනවා, “අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ (ඊනියා) ජනවාර්ගික ගැටළුවක් නොවෙයි…, අපේ හිංදු ආගම, දෙමළ සංස්කෘතිය විනාස කරන එක…, ඒකට ප්‍රභාකරන් උදව් කරනවා…” කියල.
හිංදු මිනිස්සු වඳින විශ්ණු දෙවියන්ම, පත්තිණි දෙවියන්ම, ගණ දෙවියන්ටම, සරස්වතියටම අපේ සිංහල සමහරුත් අදහන නිසාත්, හිංදු අය බුදුරදුන්ට පවා ගරු කරන නිසාත්, සිංහල-දෙමළ අය අතර ආගමික බේධය ගොඩක් අඩුයි. ඉතින් බටහිරයන්ට ඕනැ වෙලා තියෙනෙන සිංහලයා සහ දෙමළා අතර තිබෙන මේ බැඳීමත් නැති කරල දාන්නවත්ද?
කෙසේ නමුත් වර්තමානයේදී උතුර කඩිනමින් දේව රාජ්‍යයක් වෙමින් පැවතීම නොරහසක්. විදේශ NGO හරහා ක්‍රියාත්මක වෙන සමහර ආගමික සංවිධාන වලින් ප්‍රභාකරන්ටත් උදව් කරපු බව ඒ දිනව ජනමාධ්‍ය පවා සාක්ෂි සහිතවම වාර්තා කළා. මළ කොටියා දූවිලි ගසා දමා නැගිටිමින් සීටීද? වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි…!
වැඩිදුර ඡායාරූප නැරඹීම සඳහා
ලිපිය උපුටාගැනීම මෙතැනිනි.
