Category: ධම්ම පදය


හොදින් සෙවිලි කර ගෙයක් වැස්සෙන් නොතෙමෙනවා මෙන්

‘රාගය’ භාවනා කිරීමෙන් වැඩු සිත විනිවිඳ නොයයි !

ධර්මදානය සියලු දන් පරදවා ජයගනී.
නව ලොවුතුරා දහම් රසය හැම රස පරදවා ජයගනී.
ධර්ම රතිය (දහම් කියන අසන අයට ලැබෙන ප්‍රීතිය) හැම රති පරදවා ජය ගනී.
රහත් ඵලය හැම දුක් ජයගනී.

අනුවණ තැනැත්තා පවුකම මෝරා විපාක දෙනතුරු එය මීපැණි මෙන් සලකයි.
පවුකම මෝරා විපාක දෙන විට අනුවණයා දුකට පත්වේ.

පිනේ විපාකය තමා කරා නොයෙතැයි සිතා පින සුළුකොට නොසිතිය යුතුය.
ඳිය බිදු වැටීමෙන් කලයද පිරේ.
එසේම ටික ටික වුවද පින්කරන නුවනැත්තා පිනෙන් පිරේ…

Follow

Get every new post delivered to your Inbox.